ඩුජුවාන් නිසා විශාල පිරිසක් ඉවත් කෙරේ


ඩුජුවාන් සුළි කුණාටුව තායිවානයට ඇතුළු වෙමින් පවතින නිසා දසදහස් ගණනක් ජනතාව ඉවත් කරමින්, ආරක්ෂක අංශ සූදානමින් තබා ඇති බව එරට රජය පවසයි.

තායිවානයේ මධ්‍යම කාලගුණ කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව ඩුජුවාන් සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා ඉහළ දමා ඇති අතර, මෙය සුපිරි සුළි කුණාටුවක් ලෙසද හැඳින්වෙමින් තිබේ.

එරට වේලාවෙන් අද (28දා) රාත්‍රී 11.00 ට පමණ සුළි කුණාටුව ගොඩබිමට කඩා වදිනු ඇති අතර, ඒ සමගම දැඩි වර්ෂාපතනයක් මෙන්ම ප්‍රබල සුළං තත්ත්වයක්ද ඇති වන බව කාලගුණ අංශ කියයි.



Recommended Articles