ඩැමස්කස් මරාගෙන මැරෙන ප්‍රහාරයක් - සෙසු ප්‍රහාර වළකයි


සිරියාවේ, ඩමස්කස් අගනුවර පුපුරාගිය අධිබල මරාගෙන මැරෙන බෝම්බයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරියානු පොලීසිය විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැගත් මෝටර් රථ තුනක් නගරයට ඇතුළුවීමට නොදී පසුපස පන්නාගෙන පැමිණ ඉන් රථ දෙකක් නතර කරගැනීමට සමත් වුවත්, එක් රථයක් නගරයේ නැගෙනහිර දිසාවෙන් තහීර් චතුරස්‍රයට ඇතුළු වී තිබේ. පසුව එම රථයේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරු සිය බෝම්බය පුපුරුවාගෙන ඇත.

වසර හයකට කාලයක් ඇදී යන ම්ලේච්ඡ යුද්ධයක පැටලී සිටින සිරියාවේ ඩමස්කස් නුවර බහුතර පාලනය රජයේ හමුදා යටතේ පවතී.

එරට රජයේ රූපවාහිනිය පෙන්වාදෙන පරිදි රාමදාන් මාසය අවසන් වී රාජකරීන් වෙත යන ජනතාව ඉලක්ක කර මෙම බෝම්බකරුවන් එරට අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශවෙත ඇතුළුව දැවැන්ත හානියක් සිදුකිරීමට සැලසුම් කර තිබුණත්, පොලීසියේ උකුසු ඇස නිසා ඔවුන්ගේ ඉලක්කය සාර්ථකව අවසන් කිරීමට නොහැකි වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, එරට වේලාවෙන් අලුයම 6.00 ට පමණ පිපිරීම සිදුව තිබේ. බෝම්බ ප්‍රහාරයට පෙර වෙඩි හඬ කිහිපයක් ඇසුණු බවද නගර වැසියෝ පවසති.



Recommended Articles