ටෝනේඩෝ තත්ත්වයක් නිසා ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හානි


මධ්‍යම හා දකුණුදිග ඇමෙරිකානු ප්‍රාන්ත හරහා හමාගිය දරුණු සුළි කුණාටු තත්ත්වයක් සමග ඇති වූ ටෝනේඩෝ හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මෙසේ මියගිය පිරිසෙන් 8 දෙනෙකුම ආකන්සාස් ප්‍රාන්තයේ ලිට්ල් රොක් නමැති ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඇමෙරිකානු බලධාරීහු පවසති.

මියගිය අනෙක් තැනැන්තා ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ක්වාපොව් නගරයේ වැසියෙකි.

මෙම ටෝනේඩෝ තත්ත්වය නිසා ගොඩනැගිලි රැසකට දරුණු ලෙස හානි සිදුවී ඇති අතර, නෙබ්රාස්කා, ලෝවා සහ මිසුරි යන ප්‍රාන්ත වෙතද එහි බලපෑම තදින් දැනී ඇති බව වාර්තා වෙයි.

 



Recommended Articles