ටෝකියෝ මැතිවරණයේදී කාන්තාවන් ලිංගික වර්ජනයක්


මේ වනවිට ආරම්භ වී ඇති ජපානයේ ටෝකියෝ ආණ්ඩුකාරවරයා තෝරාපත්කර ගන්නා මැතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයෙකු වන යොයිචි මසූසෝ වෙත ඡන්දය ප්‍රකාශ කරන පිරිමින් සමග තමන් ලිංගිකව එක් නොවන බවට  වර්ජනයක් දියත් කරමින් එරට කාන්තා සංවිධානයක් නිවේදනය කර තිබේ.

ජාතික දේශපාලනයට කාන්තාවන් නොගැළපෙන බවට ඔහු විසින් සිදුකර තිබූ ප්‍රකාශයක් මුල් කර ගනිමින් මේ ආකාරයෙන් කාන්තාවන් එකතුව ඔහුට විරුද්ධව පෙළ ගැසී ඇති බව කියැවෙයි.

ඒ අනුව, මසූසෝට එරෙහි කාන්තා හඬ වඩාත් තීව්‍ර වී ඇති අතර, ඔහු මහජනට සේවයට නොසුදුසු පුද්ගලයෙකු බව පවසමින් පෝස්ටර් ව්‍යාපාරයක් හා පෙත්සම් අත්සන් කිරීමක්ද කාන්තාවන් විසින්ම අරඹා තිබේ.

කෙසේ වෙතත්, අද දිනයේ ටෝකියෝ අගනුවර ආණ්ඩුකාරවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ඇරඹී ඇති අතර, පවතින මැතිවරණ පුරෝකථනයන් අනුව කාන්තාවන්ගේ ලිංගික වර්ජනය ප්‍රතික්ෂේප වෙමින් මසූසෝ දැනටමත් ඉදිරියෙන් පසුවන බව ජපාන වාර්තා පෙන්වා දෙයි.

හිටපු ටෝකියෝ ආණ්ඩුකාරවර නඔකි ඉනොසේ පසුගිය දෙසැම්බර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුනේ, වංචනික අයුරින් යෙන් මිලියන 50කට ආසන්න මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනා හේතුවෙනුයි.



Recommended Articles