ටොරොන්ටෝ ගුවන්තොටේ යානා දෙකක් එකට ගැටෙයි


කැනඩාවේ, ටොරොන්ටෝ ගුවන් තොටුපොළ වෙත ගොඩබාන ලද මගී ගුවන් යානයක් එහි තිබූ තවත් මගීන්ගෙන් තොර හිස් යානයක් හප්පාගෙන යෑම හේතුවෙන් පෙර යානයේ සිටි මගීන් හදිසි දොරටු විවෘත කර පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

වෙස්ට්ජෙට් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ යානය මගීන් 168 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමග ටොරොන්ටෝ ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමෙන් පසුව මගී පර්යන්ත පිවිසුමක් මෙත යෑමට රැඳී සිටි අවස්ථාවේදී තවත් පිවිසුමක සිට පිටතට පැමිණි සන්වින්ග් ගුවන් සේවයට අයත් යානයක් විසින් එය හප්පාගෙන ගොස් තිබේ.

මෙම ගැටීමත් සමග සන්වින්ග් ගුවන් යානයේ පසුපස කොටසේ ගින්නක් ඇති වීම නිසා වෙස්ට්ජෙට් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය හදිසි දොරටු මගින් ක්ෂණිකව පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් නොමැති බව වෙස්ට්ජෙට් ගුවන් සේවය පවසයි.

අනතුරට පත් වෙස්ට්ජෙට් යානය මෙක්සිකෝවේ කැන්කන් සිට පැමිණි යානයක් බව අනාවරණය වෙයි.

1_Toronto



Recommended Articles