ටොයෝටා සමාගමට ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරලා


මෙක්සිකෝවේ ටොයොටා කර්මාන්ත ශාලාවලින් ඇමෙරිකාව වෙත ගෙනඑන මෝටර් රථවලට විශාල බද්දක් ගෙවීමට ටොයෝටා සමාගමට සිදුවනු ඇති බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විශේෂයෙන්ම ඇමෙරිකාවෙන් පිටත ඉතා අඩු මුදලට මෝටර් රථ නිෂ්පාදනය කරමින් ඒවා යළි ඇමෙරිකාවට ගෙන ඒමට ඇමෙරිකානු මෝටර් රථ සමාගම් උත්සාහ ගනිමින් සිටින බවට ට්‍රම්ප් දැඩි චෝදනා එල්ල කරමින් සිටියි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ටොයෝටා සභාපති අකිඕ ටොයොඩා පවසන්නේ මෙක්සිකෝ මෝටර් රථ නිෂ්පාදනය වහා නැවැත්වීමට තම සමාගම කටයුතු නොකරන බවයි.

මේ අතර, ටොයෝටා සමාගමේ ඇමෙරිකානු සමාගම් ජාලය පවසන්නේ මෙක්සිකෝවේ කර්මාන්ත ශාලාවලින් මෝටර් රථ නිෂ්පාදනය කළත්, ඔවුන් කිසිසේත්ම ඇමෙරිකානු කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය හෝ සේවක පිරිස් අඩු කිරීමේ කිසිදු නිගමනයක නොමැති බවයි.

ඇමෙරිකාව තුළ ටොයෝටා නිෂ්පාදන කර්මාන්ත ශාලා 10ක් දැනටමත් ස්ථාපිත කර තිබේ.



Recommended Articles