ටොයෝටා මෝටර් රථ මිලියන 6ක් නැවත කැඳවයි


ලොව පුරා අලෙවි කර ඇති ටොයෝටා මෝටර් රථ මිලියන 6.4ක් නැවත කැඳවීමට ටොයෝටා සමාගම කටයුතු කර ඇති බව බී.බී.සී.ය පවසයි.

එම මෝටර් රථ මෙසේ නැවත කැඳවීමට වෙන වෙනම කාරණා කිහිපයක් බලපා ඇති බව පෙන්වා දී තිබේ.

ඒ අනුව, මෝටර් රථ මිලියන 3.5ක් නැවත කැඳවා තිබෙන්නේ මෝටර් රථයේ රියදුරු අසුන පැත්තේ වූ එයාර් බෑග් එකට සම්බන්ධ ස්පයිරල් කේබලය මාරු කිරීම සඳහා බව පැවසෙයි.

මෝටර් රථයේ සුක්ඛානම හැරවීමේදී ඊට හානි පැමිණවිය හැකි බවත්, මේ හේතුවෙන් යම් හදිසි අනතුරකදී අදාළ එයාර් බෑග් එක ක්‍රියාත්මක නොවී පැවතීමට හැකි බවත් එම සමාගම පෙන්වා දී තිබේ.

මේ ආකාරයෙන්ම මෝටර් රථ නැවත කැඳවීමට බලපා ඇති සෙසු කාරණා අතර සීට් රේල්ස්, ස්ටියරින් කොලම්න්ස්, වින්ඩ්ස්ක්‍රීන් වයිපර්ස් ආදිය නැවත මාරු කිරීම සඳහාය.



Recommended Articles