ටෙම්බින් නිසා පිලිපීනයට නත්තල් උදාව අහිමි වෙයි


දකුණුදිග පිලිපීනය හරහා හමාගිය ටෙම්බින් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් යටිතල පහසුකම් රැසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී යෑම නිසා සහන කටයුතු හා මුදාගැනීමේ මෙහෙයුම් දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදුකිරීමට සිදුව තිබේ.

කුණාටුවෙන් ප්‍රබල බැටකෑමකට ලක්වූ දකුණුදිග මින්ඩනාඕ දූපතේ මහා මාර්ග සහ පාලම් රැසක් නායයෑම් හේතුවෙන් විනාශ වී හෝ සම්පූර්ණයෙන්ම පාහේ පස්වලින් යටවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පිලිපීනයට නත්තල අහිමි කරමින් හමා ගිය මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල ජීවිත 200ක් පමණ අහිමි වූ අතර, තවත් 70,000කට පමණ උන්හිටි තැන් නොමැතිව කඳවුරුවල ජීවත් වෙති.

සහන කණ්ඩායම් පවසන්නේ මෙම සුළි කුණාටුවේ ප්‍රබලත්වය ඊට මුහුණදී ඇති මිනිසුන් පුදුම කරවා ඇති බවයි.

සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් නිවාස 1,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, වී වගාවන් සිදුකළ වගා භූමි රැසක් නායයෑම් සමග සේදීගොස් තිබේ. එමෙන්ම, තවමත් පුද්ගලයන් 150ක් පමණ අතුරුදන්ව ඇති බැවින්, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද පිලිපීන බලධාරීහු පවසති.

People attempt to rescue flood victims in Lanao Del Norte 2 4



Recommended Articles