ටෙක්සාස් ෆෙඩ්එක්ස් ආයතනය අසල පිපිරීමක් - FBI පරීක්ෂණ


ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, සැන් ඇන්ටෝනියෝ හි ෆෙඩ්එක්ස් ආයතනය ආසන්නයේ පිපිරීමක් සම්බන්ධයෙන් FBI ආයතනය පරීක්ෂණ අරඹා ඇත.

මෙම ප්‍රදේශයේ මීට සති කිහිපයකට පෙර බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කර ඇති අතර, රාත්‍රී කාලයේදී මෙම පිපිරීම සිදුව ඇති බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම පිපිරීම සහ මීට පෙර වාර්තා වූ පිපිරීම් අතර සබඳතාවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවද FBI ආයතනය පවසයි.

එම පිපිරීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණු අතර, නවතම පිපිරීම සිදුවන අවස්ථාවේදී ෆෙඩ්එක්ස් ආයතනයේ සේවකයන් රාජකාරියේ නිරතව සිට ඇති බවද කියැවෙයි.

1_Texas



Recommended Articles