ටියුනීසියාව යළි ප්‍රජාතන්ත්‍රවාදයට අත වනයි - ජනපතිවරණය පැවැත්වේ


ටියුනීසියාව යළි ප්‍රජාතන්ත්‍රවාදය වෙත පියවර එසවීමක් ලෙස එරට ප්‍රථම වරට නිදහස් මැතිවරණයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙමින් තිබේ.

මැතිවරණයේ ප්‍රථම වටයෙන් 39% ක ප්‍රතිශතයක් සහිතව බේජි සයීඩ් එසේබි ඉදිරියෙන් සිටින්නේ අන්තර්වාර නායක මොන්සෙෆ් මර්සොවුකිට අභියෝගයක් ලෙසිනි.

ආරබි වසන්තය ලෙස මැදපෙරදිග සිදුවූ දැවැන්ත දේශපාලන නැගිටීමේ පෙරමුණ ගත් රට ලෙස ටියුනීසියාව සැලකෙන අතර, ඒ නැගිටීම ඉතා වේගයෙන් කලාපය පුරාම පැතිර ගියේය.

88 වැනි වියෙහි පසුවන එසෙබි ධනයෙන් ආඪ්‍ය අයෙකු ලෙස සැලකෙන අතර, වඩාත් අත්දැකීම් බහුල දේශපාලඥයෙකු ලෙසද සැලකෙයි.



Recommended Articles