ටික්රිට් ආසන්නයේ දරුණු ගැටුම් ඇවිලෙයි


ඉරාකයේ ටික්රිට් නගරය ආසන්නයේ ඉරාක හමුදා හා සන්නද්ධ කණ්ඩායම් එකතුව ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව දරුණු සටනක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, නගරාසන්න අල්-ඩෝර්, බටහිරින් වූ අල්-සුහුර්, උතුරුදිගින් වූ ක්වාඩිසියා සහ හෙද රෝහල් සංකීර්ණයක් ආසන්නයේද ගැටුම් උත්සන්න වී ඇති බවද කියැවෙයි.

කෙසේ වෙතත්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් විසින් අටවා ඇති බිම් බෝම්බ හේතුවෙන් ඉරාක හමුදාවේ ගමන යම් තරමකින් අඩාල වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මෙම මෙහෙයුම සැලසුම් කිරීම සඳහා ඉරාන ආරක්ෂක අංශවලින් උපදෙස් ලැබෙන බවත්, ඊට ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තිය නොලැබෙන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles