ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර පැවති ප්‍රථම රූපවාහිනී විවාදය මෙහෙයවූ ලෙස්ටර් හෝල්ට් සමස්ත විවාදය තුළ හිලරිට වඩා තමා වෙත තරමක තද ස්වභාවයක් පෙන්වා ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
එමෙන්ම, සමස්ත විවාදය පුරා තමාගේ මයික්‍රෆෝනයේ වූ හඬ බිඳෙන ස්වභාවයත්, හිලරිගේ මයික්‍රෆෝනයට වඩා අඩු ශබ්දයක් ඊට ලබාදීමත් සම්බන්ධයෙන්ද ට්‍රම්ප් පැමිණිලි කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ සියලු බාධක මැද තමා ප්‍රථම විවාදයට මුහුණදුන් බවත්, මීළඟ විවාදයේදී ඇය වෙත වඩාත් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ට්‍රම්ප් පවසා ඇත.
විවාදය මෙහෙය වූ ලෙස්ටර් හෝල්ට් සම්බන්ධයෙන් චෝදනා කරන ට්‍රම්ප් පවසන්නේ, ඔහු කිසිම අවස්ථාවක හිලරිගෙන්, ඇගේ ඉමේල් ගනුදෙනු පිළිබඳව, ඇයට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳව, බෙන්ගාසි ගනුදෙනුව පිළිබඳව ඇතුළු ඇයගෙන් ඇසිය යුතුව තිබූ කිසිදු ප්‍රශ්නයක් ඇය වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව අවධාරණය කරයි.