ට්‍රම්ප් හමුව අවලංගු කිරීමට පුළුවන් - උතුරු කොරියාව


උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි අත්හරින ලෙසට ඇමෙරිකාව යළි යළිත් බල කිරීමට උත්සාහ කළහොත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉදිරියේදී සිදුවීමට නියමිත හමුවෙන් උතුරු කොරියාව ඉවත් වන බවට එරට අවධාරණය කරයි.

බොහෝදෙනා පුල පුලා බලා සිටි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග් උන් සමග සිදුවන හමුව එලැඹෙන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඔවුන් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

කෙසේ වෙතත්, උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙවැනි දැඩි චෝදනාවක් කරන්නේ ඇමෙරිකාව වගකීමෙන් තොර සහ රළු අදහස් දැක්වීම් සිදුකරන බව පවසමිනි.

විශේෂයෙන්ම ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වෙත ඇඟිල්ල දිගු කරන නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔහු පිළිබඳව වූ උතුරු කොරියාවේ බලවත් පිළිකුල සැඟවීමට ක්‍රියා නොකරන බවද කියා තිබේ.   

මේ අතර, මැයි මස අවසාන භාගයේදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වසාදැමීම ආවරණය කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඔවුන් විවෘත ආරාධනයක්ද කළ අතර, මේ වනවිට එම හමුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නම්‍යශීලීත්වයක් අවශ්‍ය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_N korea



Recommended Articles