උතුරු කොරියානු නායකයා ලබන මාසයේ ඇමෙරිකානු නායකයා හමුවන්නේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ක්‍රීඩා කිරීමට උත්සාහ නොකරන ලෙස උප ජනපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ.
ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මයික් පෙන්ස් පවසා ඇත්තේ යම් ආකාරයක වැරදි මඟක් උතුරු කොරියාව ගන්නේ නම් එය ඔවුන් ඉතිහාසයේ සිදුකරන බලවත්ම වැරැද්ද වනු ඇති බවද හෙතෙම අවධාරණය කර ඇත.
ඕනෑම අවස්ථාවක ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡාවෙන් ඉවත්වීමේ අවස්ථාවක් පැවතිය හැකි බවද හෙතෙම සඳහන් කර තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ජූනි මස 12දා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් උතුරු කොරියාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන් මෙම සාකච්ඡාවෙන් ඉවත් වන බවට උතුරු කොරියාව පසුගියදා අනතුරු ඇඟවීමක් කළේය.
ඊට ප්‍රතිචාරය ලෙස උප ජනපති පෙන්ස් මෙම අදහස් පළ කර තිබේ.