ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්ලු


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග යම් නිශ්චිත කොන්දේසි යටතේ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව උතුරු කොරියාව පවසා තිබේ.

මේ සඳහා මුල පිරී ඇත්තේ පසුගියදා නොර්වේ හිදී උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රික නිලධාරිනියක හා ඇමෙරිකානු රජයේ හිටපු බලධාරීන් පිරිසක් අතර සිදුවූ හමුවකදීය.

මෙම සාකච්ඡාවෙන් පසුව උතුරු කොරියානු නියෝජිතවරිය පවසා ඇත්තේ ට්‍රම්ප් සමග සාකච්ඡාවකට ඉඩකඩ පවතින බවය.

විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාද පසුගියදා පවසා සිටියේ උතුරු කොරියානු නායකයා හමුවීමට ලැබෙනවා නම් එය තමන්ට ගෞරවයක් බවයි.

කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවට කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුමක් පැවතියේ, උතුරු කොරියානු බැලස්ටික් මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් මූලික කරගනිමිනි.



Recommended Articles