ට්‍රම්ප් සංක්‍රමණ තහනමට තවත් රටවල් එකතු වෙයි


ඇමෙරිකාව වෙත මුස්ලිම් රාජ්‍යයන් 6කින් සිදුකෙරෙන සංක්‍රමණ වළක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් නියෝගයට තවත් රටවල් දෙකක් ඇතුළත් වී තිබේ.

ඒ අනුව, උතුරු කොරියාව හා වෙනිසියුලාවද ඇතුළත්ව ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් රටවල් දැක්වෙන නතම ලැයිස්තුව ඊයේ (25දා) ප්‍රකාශයට පත්විය.

මේ වසර ආරම්භයේදී ට්‍රම්ප් විසින් මුස්ලිම් රාජ්‍යයන් 06ක් වෙත බලාත්මක කරනලද මෙම නීතිය ලබන ඔක්තෝබර් මාසයේදී කල්පිරීමත් සමගින්ම එය තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනීමට ධවල මන්දිරය මෙලෙස කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම නව නීතියට අනුව චැඩ් රාජ්‍යය, සෝමාලියාව, ලිබියාව සහ මැදපෙරදිග පිහිටි ඉරානය, සිරියාව, යේමනයට අමතරව වෙනිසියුලාව සහ උතුරු කොරියාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන පිරිස් වෙත මෙම සංක්‍රමණික බාධා පැනවී තිබේ. 

1_trump-travel 2



Recommended Articles