ට්‍රම්ප් විරෝධී මිසයිලයක් ඉරානයත් අත්හදා බලයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක්කළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමක් ලෙස මැදිදුර නවතම මිසයිලයක් අත්හදා බැලීමට ඉරානය කටයුතු කර ඇත.

කි.මී.2,000ක දුරක වූ ඉලක්කයක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවෙන් යුතු මෙම නවතම මිසයිලයේ අත්හදා බැලීම් සාර්ථක ඉව ඉරානය කියයි.

කොරම්ෂහර් යනුවෙන් නම් කර ඇති මෙම මිසයිලය අත්හදා බැලූ අවස්ථාව එරට රජයේ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණද, එය අත්හදා බැලූ නිශ්චිත දිනයක් ඔවුන් ප්‍රකාශ කර නොමැත.

මහා මණ්ඩලය අමතමින් ට්‍රම්ප් පවසා සිටියේ ලොව චෞර රාජ්‍ය කණ්ඩායමට ඉරානයද ඇතුළත් බවයි. එමෙන්ම, හිටපු ජනපති බරැක් ඔබාමා විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ටික අවි ගිවිසුමද ඔහු එහිදී දැඩිව විවේචනය කළේය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයාගේ ප්‍රකාශය හෙළා දුටු ඉරාන විදේශ අමාත්‍යවරයා එය නූගත් වෛරී ප්‍රකාශයක් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව, මධ්‍යතන යුගයට එම ප්‍රකාශය යෝග්‍ය වනු ඇති බවත් පවසා සිටියේය.

මේ අතර, ඇමෙරිවෙන් එල්ල වන බලපෑම්වලට ප්‍රතිචාර වශයෙන් සිය හමුදා ශක්තිමත් කරන බවද ඉරාන ජනපති හස්සන් රොයුහානි පසුගියදා අවධාරණය කළේය.

මේ අතර, ඉරානයේ නමතම මැදිදුර මිසයිලයට තම ඉලක්කය වෙත ගුවන් ආරක්ෂක රේඩාර් මගහැර යෑමේ විශේෂ හැකියාවක් පවතින අතරම, ගුවන්ගත වූ මොහොතේ සිට ඉලක්කයට පහර දෙන තුරුම මඟපෙන්වීමේ හැකියාවක්ද පවතින බැවින් එය උපාය මාර්ගික මිසයිලයක් බව එරට ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.

1_Iran Missile 2 3



Recommended Articles