ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වූ ආකාරයෙන්ම මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂක තාප්පය ඉදිකිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම තාප්පය සැලසුම් කිරීමේ අවසන් වටය සඳහා පුද්ගලයන් දැනටමත් තෝරාගෙන ඇති බවයි.
ඒ අනුව, මෙම ජුනි මාසය වනවිට එම අවසන් වටය සඳහා තෝරාගත් පුද්ගලයන් අතරින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුවනු ඇති බවත්, ඉන් අනතුරුව එම ජයග්‍රාහකයන් විසින් තාප්පයේ මූලාකෘති ඉදිරිපත් කිරීම සිදුවනු ඇත.
බලධාරීන් පෙන්වාදෙන පරිදි එම ආකෘතිවල උස මීටර් 5.5 - මීටර් 9ත් අතර විය යුතු අතර, කිසිවෙකුගේ හෝ කිසියම් උපකරණයක සහායක් නොමැතිව මෙම තාප්පය නැගීමට නොහැකි වන ලෙස එය සැලසුම් කිරීමද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, පැයක කාලයක් කුළු ගෙඩි පහරට හෝ බැටරි මගින් ක්‍රියාත්මක උපකරණවලින් එයට හානි කිරීමට නොහැකි විය යුතුය.
මෙම ආකෘති නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත් ගාස්තු ලෙස ඇ.ඩො.ලක්ෂ 2 සිට ලක්ෂ 5 දක්වා මුදලක් වැයවනු ඇති බව ගණන් බලා තිබේ.