ට්‍රම්ප් මුස්ලිම් රටවල සංචාරක තහනමට නීතියේ සහාය පතයි


ඇමෙරිකානු නව ජනපතිවරයා විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයකට පැනවූ සංචාරක තහනම නැවත බලාත්මක කරන්නැයි ධවල මන්දිරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම විධායක නියෝගය බල රහිත කරමින් එරට පහළ අධිකරණයක විනිසුරුවරයෙකු විසින් ලබාදුන් නියෝගය යළි සලකා බලන ලෙස මෙසේ ධවල මන්දිරය ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, එම අධිකරණ නියෝගය ඇමෙරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණය විසින්ද පසුව තහවුරු කරනු ලැබීය.

කෙසේ වෙතත්, පවතින ත්‍රස්ත අවදානම හමුවේ එම අධිකරණ නියෝගය අවලංගු කර නැවත අදාළ රටවලට සංචාරක තහනම පනවන මෙන් ඉල්ලා ධවල මන්දිරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙත හදිසි ඉල්ලුම්පත්‍ර දෙකක් ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ විධායක බලතල ප්‍රකාරව සංචාරක තහනම පනවනු ලැබුවේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලටය.

මෙම නියෝගය සම්බන්ධයෙන් විරෝධතා මතු වුවත්, මෙය හුදෙක් ඇමෙරිකාව තුළට ඇතුළු වන ඉස්ලාමීය ත්‍රස්තවාදීන් වැළැක්වීමේ ක්‍රියාවක් පමණක් බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබුණි.



Recommended Articles