ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ කිසිවෙකුත් රුසියාව සමග එක්ව කිසිදු ආකාරයේ වංචාවක් හෝ රැවටීමක් සිදුනොකළ බව ජෙරාජ් කුෂ්නර් එරට සෙනට් මණ්ඩලය හමුවේ පැවසීමට සූදානමින් සිටියි.
එමෙන්ම, තමන්ට කිසිදු ආකාරයක අවිධිමත් සම්බන්ධතාවක් රුසියානුවන් සමග නොතිබුණු බවත්, තම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් රුසියානු මුදල් මත යැපීමක් නොතිබුණු බවත් ඔහු එහිදී පවසනු ඇති බවද කියැවෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයන්ට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බැණනුවන් වන ජෙරාඩ් සෙනට් මණ්ඩල නියෝජිත පිරිසක් හමුවේ පැවසීමට යන කරුණු පිළිබඳ විවෘත ප්‍රකාශයක මෙම තොරතුරු සඳහන් වෙයි.
36 හැවිරිදි වියෙහි පසුවන කුෂ්නර් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යේෂඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු ජනාධිපතිවරණ දේශපාලන ව්‍යාපාරයේ ඩිජිටල් මූලෝපාය අංශය මෙහෙයවූ පුද්ගලයා ලෙසද සැලකෙයි.
ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කාගේ ස්වාමි පුරුෂයාය.