දින 08ක විදෙස් සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සමුළුව සඳහා බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරට ළඟා වී තිබේ.
නේටෝ හමුදා සන්ධානය සමග අතිශය තියුණු සාකච්ඡා වටයක් ඇරඹීම සඳහා ට්‍රම්ප් පැමිණි බව ඔහුගේ කණ්ඩායම කියයි.
එමෙන්ම, අද (25දා) දිනයේදී ඔහු යුරෝපා සංගමයේ නිලධාරීන් සමගද සාකච්ඡා කිරීමට නියමිත අතර, මෙය නෝටෝවට මෙන්ම, යුරෝපා සංගමයටද අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
බ්‍රසල්ස් නුවරට ළඟා වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රථම වරට බෙල්ජියමේ රාජකීය යුවළ මුණ ගැසීමට ගියේය.
මේ අතර, ට්‍රම්ප්ගේ පැමිණිමට විරෝධය දක්වන පිරිස් බ්‍රසල්ස් නගරයේ විවිධ උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර, ඒ උද්ඝෝෂණ අතර සමලිංගික අයිතීන් ඉල්ලා සිටින ප්‍රජාව වැඩි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බ්‍රසල්ස් නගරයට ළඟා වීමට පෙර වතිකානුවට පැමිණි ට්‍රම්ප් එහිදී පළමු වැනි පාප් වහන්සේ මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර, එයද ඓතිහාසික සාකච්ඡා වටයක් බව විදෙස් වාර්තා පවසා තිබුණි. එම සාකච්ඡාවලදී ලෝක සාමය ඇති කිරීම මෙන්ම, මැදපෙරදිග කිතුණුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් පාප් වහන්සේ විසින් යොමුකර ඇති බවද වාර්තා වෙයි.
නේටෝ සමුළුව අමතමින් ඔවුන්ගේ කැපවීම සම්පූර්ණයෙන්ම ලබාදිය යුතු බවට ට්‍රම්ප් නෝටෝ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි. විශේෂයෙන්ම යුරෝපය ඇතුළු නේටෝ රටවල ආරක්ෂාව වෙනුවෙන් ඒකාබද්ධ සන්ධානයක් ලෙස ඇමෙරිකාව උපරිමව කටයුතු කරන පරිසරයක, සෙසු රටවල් නෝටෝව වෙනුවෙන් මෙන්ම, ඔවුනොවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමටත් තම කොටස නියමා කාරයෙන් ඉටුකරන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ට්‍රම්ප්ගේ කතාවේ මුඛ්‍ය පරමාර්ථය වනු ඇති බව ටිලර්සන් පවසයි.