ට්‍රම්ප් - පූටින් මුහුණට මුහුණ හැකින් සිදුවීම සාකච්ඡාවට


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීම සිදුවිය.

නායක දෙපළ මෙසේ හමුවූයේ ඊයේ (07දා) ජර්මනියේ, හැම්බර්ග් නුවරදී ආරම්භ වූ ජී.20 රාජ්‍ය නායක සමුළුව අතරතුර පැවති රාජ්‍ය නායක ද්වීපාර්ශ්වික සාකච්ඡාවන් හිදීය.

මෙම සාකච්ඡාවේදී පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඇමෙරිකානු මැතිවරණය වෙත රුසියානු හැකර් ප්‍රහාරයක් එල්ල වෙමින්, එයට සෘජු අතපෙවීමක් සිදුවූ බවට වන චෝදනා නායක දෙපළගේ මූලික සාකච්ඡාවට බඳුන්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මෙම සාකච්ඡාව හඳුන්වා සිටියේ බොහොම ශක්තිමත් සාකච්ඡාවක් වූ බවයි.

මේ අතර, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්ට අනුව මෙම හමුවේදී පූටින් මතුකළ කරුණු ට්‍රම්ප් අනුමත කළ බවයි. විශේෂයෙන්ම අදාළ හැකින් සිද්ධියට තම රට සම්බන්ධ නොමැති බව පූටින් තරයේ කියා සිටි බවත්, ට්‍රම්ප් එය පිළිගත් බවත් ලැව්රෝව් පැවසීය.

කෙසේ වෙතත්, ටිලර්සන්ට අනුව රාජ්‍යයන් දෙකම මේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් නිගමනයකට නොපැමිණි බවය.

මෙහිදී, පූටින් හා ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා හා හමුවීම් බොහොම කුළුපග ස්වභාවයක් ගත් බව විදෙස් වාධ්‍ය වාර්තා කර තිබුණේ, මීට පෙර හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා හා පූටින් අතර පැවති හමුවල පැවති දැඩිබව එහි දක්නට නොතිබුණු බවත්ය.

එදා ඔබාමා හා පූටින් හමුවක්



Recommended Articles