ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනය උණුසුම් වී


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමත් සමග බටහිර ඉවුර හා ගාසා තීරයේ පලස්තීනු ජනතාව වීදි බැස උද්ඝෝෂණ කරමින් වර්ජනයකට එළඹ ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා බටහිර ඉවුර වෙත අමතර හමුදා භටයන් සිය ගණනක් යෙදවීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

මෙම කලාපයේ අතිශය සංවේදී කාරණවක් ලෙස සැලකුණු ජෙරුසෙලම පිළිබඳ ප්‍රශ්නයේදී වඩාත් සෘජු ස්ථාවරත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ඇමෙරිකානු ප්‍රතිපත්ති උඩුයටිකුරු වීමක් දැකිය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර, දැනට සිදුව ඇති ගැටුම්වලින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, පලස්තීනයේ ඉස්ලාමීය හමාස් සංවිධානයද ප්‍රචණ්ඩත්වය කරා පැමිණෙමින් මීට එරෙහිව නැගිටීමක් ප්‍රකාශයට පත්කර ඇති බව කියැවෙයි.

යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ලබ්ධීන්ට අයත් පූජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇති අතර, මෙම භූමියේ අයිතිය වෙනුවෙන් අළුයට ගිනිමෙන් ඇවිලෙන සීතල ආගමික යුද්ධයක් ඊශ්‍රායලය හා පලස්තීනය අතර වසර ගණනාවක සිට පැවත එමින් පවතී.

1_Jeru 2 3 4



Recommended Articles