ට්‍රම්ප් පාකිස්තානයට දෙහි කපා වසර අරඹයි


ඩොලර් බිලියන ගණන් මුදල් ආධාර වශයෙන් ලබාගන්නා අතර, පාකිස්තානය විසින් ඇමෙරිකාව රවටන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ සිය ප්‍රථම ට්විටර් පණිවුඩයෙන් පාකිස්තානයට චෝදනා කර තිබේ.

ඉන් නොනැවතී, ඔවුන් ඇමෙරිකාවට අවශ්‍යව සිටින ත්‍රස්තවාදයට රැකවරණය ලබාදෙන බවටද ට්‍රම්ප් චෝදනා කරයි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව පාකිස්තානය තුළ ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණ මාලාවක්ද ඇරඹී තිබේ.

එමෙන්ම, පාකිස්තාන රජයද පවසා තිබුණේ ඇෆ්ගනිස්තානයේදී පරාජයට පත්වූ ඇමෙරිකානු නායකයා එම පරාජයෙන් වියරු වැටී තමන්ට චෝදනා කරන බවය.

මේ අතර, පාකිස්තානයට පසුගිය අගෝස්තුවේදී ලැබීමට තිබූ ඇ.ඩො.මිලියන 250කට වැඩි ආධාර මුදල කපා හැරීම පිළිබඳවද ඇමෙරිකාව සොයා බලමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

1_Trump



Recommended Articles