සාමය පිළිබඳ කතා කිරීමට පලස්තීනයට අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීම තුළ එරටට ලබාදෙන ඇමෙරිකානු ආධාර අත්හිටුවීමක් සිදුවිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
මෙය වඩාත් තහවුරු වී ඇත්තේ ඇමෙරිකානු නායකයා යොමුකළ ට්විටර් පණිවුඩයක සාමයට සහාය නොදැක්වීමේ ප්‍රතිචාරයක් ලෙස 'ඇමෙරිකානු අගයකිරීමක් හෝ ගෞරව කිරීමක් නොලැබෙනු ඇතැයි' පැවසීය නිසාය.
මීට අමතරව, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමේ තම විවාදයට තුඩුදුන් තුඩුදුන් තීරණය සමග සාකච්ඡා මේසයෙන් පිටත සාම සාකච්ඡා සඳහා හොඳ අවස්ථාවක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයාගේ මෙම හැසිරීම තුළ ඇමෙරිකාව තවදුරටත් ස්වාධීන මැදහත්කරුවෙකු ලෙස යොදාගත නොහැකි බවට පලස්තීනය චෝදනා කරයි.
මේ අතර, ඇමෙරිකානු නායකයාගේ පලස්තීන කතාව වොෂිංටනය විසින් ප්‍රකාශයට පත්කළ සැණින් මාධ්‍ය ඇමතූ පලස්තීන ජනාධිපති මහමූද් අබ්බාස් පවසා සිටියේ මැදපෙරදිග සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙනෙන කිසිදු ආකාරයක සාම වැඩපිළිවෙළකට පලස්තීනය හිස නොනමන බවයි.