ඇමෙරිකානු ජනපතිවරණ සමයේදී හිලරිගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු රැගත් රුසියානු නීතීඥවරිය සමග හුවමාරු කරගත් ඊමේල් පණිවුඩ ජනපති පුත් ට්‍රම්ප් ජූනියර් විසින් මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත්, මේ ගැන එකිනෙකට පටහැනි ප්‍රකාශ තමන් නිකුත් කළ බව කීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ට්‍රම්ප් ජූනියර් පවසයි.
සාමාන්‍යයෙන් ප්‍රතිවාදී දේශපාලඥයෙකු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සාමාන්‍ය සිදුවීමක් හා සාමන්‍ය සම්ප්‍රදායක් බවද පෙන්වාදෙන ජනපති පුතු, මෙම හමුව සම්බන්ධයෙන් තම පියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නොදැන සිටි බවද කියයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු බලපෑම් පැවති බවට වන චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් පරීක්ෂණයක් පවතිවමින් සිටියදී මෙම තොරතුරු අනාවරණය කරමින්, යළිත් ට්‍රම්ප්ට එරෙහි මාධ්‍ය යුද්ධය අරඹා ඇති බවද ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ක්‍රෙම්ලීනය සමග සෘජු සම්බන්ධතා පවතින බව කියැවෙන නතාලියා වෙසෙලින්ස්ක්යා යන මෙම නීතීඥවරිය සමග 2016 වසරේ ජුනි 09 වැනිදා නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේදී සිදුව ඇති හමුවට ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙරාඩ් කුෂ්නර් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ එවක ප්‍රධානියාව සිටි පොල් ජේ මැනෆට් ද සහභාගී වී ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් කිසිදු ආකාරයක වැදගත් තොරතුරක් ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි.
ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් ට්‍රම්ප්ට එරෙහි මාධ්‍ය සටන තවදුරටත් සිදුකරන්නේ, තමාට මැතිවරණ ජයග්‍රහණට මගපෑදූ සමාජජාල මාධ්‍ය, මෙම ව්‍යාජ මාධ්‍ය කලාවට වඩා ජනතාව විශ්වාස කරන බව ට්‍රම්ප් නිතර සපථ කරන බැවිනි.
එමෙන්ම, රුසියාවද නිරන්තරයෙන් පවසා සිටියේ ඇමෙරිකානු හා ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් රුසියානු භීතිකාවක් මවමින් සිටින බවයි.