ට්‍රම්ප් - කිම් හමුවට ඇ.ඩො. මි.15ක වියදමක් -සිංගප්පූරුව


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුර කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර සිදුවන හමුව සඳහා සත්කාරකත්වය දරන සිංගප්පූරුව ඒ වෙනුවෙන් ඇ.ඩො.මිලියන 15ක වැයක් දරණ බව සිංගප්පූරු රජය පවසයි.

විශේෂයෙන්ම උතුරු කොරියාවෙන් පැමිණෙන රාජ්‍ය නායකයා ප්‍රමුඛ දූත පිරිස නවාතැන් ගන්නා හෝටල්වල සියලු වියදම් සිංගප්පූරු රජය විසින් දරණ බව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කර තිබේ.

මේ වනවිට හෙට (12දා) සෙන්තෝසා දූපතේ, කැපෙල්ලා හෝටලයේදී පැවැත්වෙන රාජ්‍ය නායක හමුවට සහභාගී වීම සඳහා දෙරටේම නායකයන් සිංගප්පූරුව වෙත පැමිණ සිටිති.

එමෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිංගප්පූරු රජය විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති අතර, ඇමෙරිකාව සහ උතුර කොරියාව යන රටවල බුද්ධි අංශද මෙම ආරක්ෂක කාර්යය සඳහා සම්බන්ධ වී සිටින බව වාර්තා වෙයි.

1_Trump Kim 2 4 1_Trump Kim



Recommended Articles