ට්‍රම්ප්-කිම් අද සිංගප්පූරුවට ද.කොරියානුවන් දෙදෙනෙකු සිංගප්පූරුවේදී අත්අඩංගුවට


සිංගප්පූරුවේ උතුරු කොරියානු තානාපතිවරයාගේ නිවසට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ දකුණු කොරියානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එළැඹෙන ජුනි 12දා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ඇරඹීමට දින කිහිපයක් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

සිංගප්පූරු පොලීසිය සඳහන් කළේ ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා සවස් කාලයේදී තානාපතිවරයාගේ නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

මේ අතර, මෙම හමුව සඳහා සහභාගී වන උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අද (10දා) සිංගප්පූරුවට ළඟාවීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එසේම, සිංගප්පූරුවේ පැවැත්වෙන හමුව සාර්ථක වුවහොත් තමන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරය වෙත පැමිණෙන ලෙස ආරාධනයක් කරන බව ට්‍රම්ප් පවසා තිබුණි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අද සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කර ඇත..

1_Kim 1_Trump Kim 0 1_Trump Kim



Recommended Articles