ට්‍රම්ප් - කිම් හමුවට මූන් සහභාගිවීමේ වැඩි ඉඩක්


ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර පැවැත්වීමට නියමිත සමුළුවට දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් සහභාගී වීමේ වැඩි අවස්ථාවක් පවතින බව දකුණු කොරියනු බලධාරීහු පවසති.

මෙම සමුළුව සම්බන්ධයෙන් ඇමෙරිකානු නායකයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැත්වෙන පූර්ව සාකච්ඡාවල වර්ධනීය ප්‍රතිඵලය හමුවේ මූන්ගේ සහභාගීත්වය තීරණය වනු ඇති බවද සඳහන් වේ.

මෙම ඓතිහාසික හමුව එලැඹෙන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට දැනට තීරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙම සමුළුවට තමන් සහභාගී නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා සිටීමත් සමග මෙය පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගුණි.

නමුදු, මෙම දෙපාර්ශ්වය විසින්ම යළිත් එම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් වූ මාවත එළිපෙහෙළි කරමින් සිටීම තුළ යළිත් ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇතිවී තිබේ.

ඒ අනුව, කලින් සැලසුම් කරගත් ආකාරයට මෙම සමුළුව පැවැත්වුවහොත් එය ඇමෙරිකානු නායකයෙකු හා උතුරු කොරියානු නායකයෙකු අතර එදාමෙදා තුර පැවැත්වෙන පළමු වැනි හමුව ලෙස ඉතිහාසගත වනු ඇත.

එසේම, මෙය කොරියානු අර්ධද්වීපයේ මෙන්ම ලෝකයේම න්‍යෂ්ටික යුද අවදානම පහව හරින සුවිශේෂී අවස්ථාවක් බවටද පත්වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

1_Moon



Recommended Articles