ට්‍රම්ප් - කිම් හමුව සිදුවනු ඇති බවට ඇමෙරිකාව විශ්වාසයෙන්


ට්‍රම්ප් සහ කිම් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුව අවලංගු කිරීමේ හැකියාවක් පවතින බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කළත් එය කලින් සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇති බව ට්‍රම්ප් පාලන අධිකාරිය විශ්වාස කරයි.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාස තවදුරටත් සිදුවන්නේ නම් හෝ උතුරු කොරියාව කඩිනමින් සිය න්‍යෂ්ටිකහරණය සිදුකළ යුතු බවට ඇමෙරිකාව නිරන්තරයෙන් බල කරන්නේ නම් තමන් ට්‍රම්ප් හමුවීම අවලංගු කරන බවට ඔවුන් අනතුරු අඟවා තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කර ඇත.

කලක් යුද සූදානමක සිටි මෙම දෙපාර්ශ්වය අතර ඓතිහාසික හමුව එලැඹෙන ජූනි 12දා සිංගප්පූරුවේදී පැවැත්වීමට කලින් සැලසුම් කරගෙන තිබුණි.

මේ හමුව පැවැත්වෙනවා නම් ඊට පැමිණීමට ජනපති සූදානමින් සිටිනවා. එය එසේ නොවෙනවා නම්, අප සිදුකරගෙන ගිය උපරිම පීඩනය තවදුරටත් එල්ල කිරීම සිදුකරනවා යැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

1_Trump Kim



Recommended Articles