ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග එකම මේසයේ සාකච්ඡාවකට පැමිණියහොත් එය ඇමෙරිකානු හා ජපාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සිදුවන අවස්ථාවක් බව කියැවේ.
උතුරු කොරියාව වෙත දේශපාලන හා ආර්ථිකමය වශයෙන් නොනැවත බලපෑමක් එල්ල කිරීම සඳහා ඇමෙරිකාව හා ජපානය එක්ව වඩාත් සැලසුම්සහගත ක්‍රමවේදයක් අනුගමනය කළත්, මේ නව ප්‍රවණතාව සමග එම සැලසුමද වෙනස් කිරීමට ලක්කිරීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙය 1971 ජූලි මාසයේදී ඇමෙරිකාවේ හිටපු ජනපති රිචඩ් නික්සන් බීජං වෙත සංචාරය කරන බවට සිදුකළ දැනුම්දීම මෙන අවස්ථාවක් නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
2016 වසරේදී ට්‍රම්ප් බලයට පත්වීමත් සමග ඔහු හමුවීමට ගිය ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ට්‍රම්ප් ගත් මෙම තීරණය ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යළිත් වරක් සලකා බැලීමට හා අධ්‍යයනයක යෙදීමට ජපානයට හොඳ අවස්ථාවක බවද ඔවුහු වැඩිදුරටත් පවසති.