ට්‍රම්ප් ඉවත් කළ ටිලර්සන් රුසියාව ගැන කතා කරයි


රුසියාවේ හැසිරීම මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් අහිතකර බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධුරයෙන් ඉවත්කළ එරට හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වෙතත්, මෙම නිවේදනයෙන් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වර්ණනා කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

හිටපු එක්සොන් මොබයිල් ප්‍රධානියා වන ඔහු පසුගිය වසරේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමෙන් පසුව ජනතා උදහසට ලක්වූ අවස්ථා රැසක් පවතී.

ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ටිලර්සන් ධුරයෙන් ඉවත්කළ බව පවසා සිටියේ, සී.අයි.ඒ. අධ්‍යක්ෂ මයික් පොම්පේ එම ධුරයට පත්කරන බව සඳහන් කරමිනි.

එමෙන්ම, සී.අයි.ඒ. සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය හෙබවූ ජීනා හැස්පෙල් එහි අධ්‍යක්ෂ ධුරයට නම් කිරීමටද ට්‍රම්ප් කටයුතු කර තිබුණි.

1_Rex



Recommended Articles