ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යය කිහිපයක් වෙත පනවන ලද සංචාරක තහනමෙන් කොටසක් ක්‍රියාවට නැංවීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය ජනාධිපතිවරයාගේ ප්‍රසාදයට ලක්ව ඇති අතර, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණයක් බවද හෙතෙම අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම සංචාරක තහනම අනුමත කළ යුතුද, ප්‍රතික්ෂේප කළ යුතුද යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගය එලැඹෙන ඔක්තෝබර් මාසයේදී සිදුකරන බව එරට උපරිමාධිකරණය පවසයි.

ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් බහුතරයක් සහිත රටවලට ප්‍රධාන වශයෙන් ට්‍රම්ප් සංචාරක තහනම පනවනු ලැබූ අතර, එය එරට පහළ අධිකරණයකින් පසුව බැහැර කරනු ලැබිණි.

කෙසේ වෙතත්, එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ට්‍රම්ප් පාලනය ඊයේ (26දා) ලබාදුන් තීන්දුව සමග ඇමෙරිකාවට ඇතුළුවෙන සියලු සරණාගතයන්ට දින 120ක සංචාරක තහනමක් පැනවීමට එරට බලධාරීන්ට අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම, මෙම තීරණය ඇමෙරිකාව සමග ඥාති සබඳතා නොමැති පුද්ගලයන්ට බලපැවැත්වෙයි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපති සමයේදී ට්‍රම්ප්ගේ දේශපාලන පොරොන්දුවක් ඵල දැරීමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles