ට්‍රම්ප්ගේ බීස්ට් බලන්න කිම්ට ආසාවක් ඇවිදින්


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන නිල මෝටර් රථය හෙවත් වෙඩි නොවදින අධි ආරක්ෂිත 'බීස්ට්' රථය නිරීක්ෂණය කිරීමේ ආසාවක් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ට ඇතිවී තිබේ.

ඊයේ (12දා) ඇමෙරිකානු හා උ.කොරියානු නායකයන් අතර පැවති ඒ ඓතිහාසික හමුවෙන් අනතුරුව සමුළුව නිමාවී යළි පිටත්ව යමින් සිටි ඇමෙරිකානු ජනපතිවරයා සමග පැමිණි කිම්, 'බීට්ස්' රථය අසලට ගොස් මොහොතක් එය පිටතින් හා ඇතුළතින් නිරීක්ෂණය කරන දසුන් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ලොව ඉහළම ආරක්ෂාවක් සහිත මෝටර් රථය ලෙස දැනට හඳුනාගෙන ඇති ඇමෙරිකානු නායකයාගේ මෝටර් රථය 'කැඩිලැක් වන්', 'ද බීස්ට්', 'ලිමොසින් වන්', 'ෆස්ට් කාර්' යන නම්වලින් මෙන්ම, 'ස්ටේජ්කෝච්' යන කේත නාමයෙන්ද හැඳින්වෙයි.

ඕනෑම වෙඩි ප්‍රහාරයකට, ඕනෑම බෝම්බ ප්‍රහාරයකට, ඕනෑම යුද බිමක මෙන්ම රසායනික ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන ලෙස ට්‍රම්ප් වෙනුවෙන් නිර්මාණය වූ නවතම රථයේ ආසන්න වටිනාකම ඇ.ඩො.මිලියන 15ක් පමණ වෙයි. මෙවැනි රථ 12ක් පමණ පවතින අතර, ජනපතිවරයා මෙවැනි විදෙස් සංචාර සඳහා පැමිණෙන විට එවැනි රථ කිහිප රැගෙන එයි.

1_Beast2 3 4 5 02M_TRUMP BEAST CUTAWAY



Recommended Articles