ඇමෙරිකානු ජනපතිවරණය සමයේදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගිණුම් පිළිබඳ පරීක්ෂණය මූලික කරගනිමින් එරට FBI ආයතනය හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී ජේම්ස් කොමේ සිය ධුරයෙන් පහර කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.
FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමි 'සේවයෙන් ඉවත් කොට ධුරයෙන් පහ කරන ලදී' යනුවෙන් දැක්වෙන නිවේදයක් ධවල මන්දිරය විසින් ඉදිරිපත් කොට තිබුණි.
ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගිණුම් පිළිබඳ ජේම්ස් කෝමේ විසින් කොංග්‍රස් මණ්ඩලය වෙත වැරදි තොරතුරු ලබා දී ඇති බව හෙළිවීමත් සමග මෙම ඉවත් කිරීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
ජේම්ස් කොමේ ලොස් ඇන්ජලීස් හිදී FBI ඒජන්තවරුන් අමතමින් සිටි අවස්ථාවක තමන් සේවයෙන් පහ කර ඇති බව රූපවාහිනී පුවතකින් දැනගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.