ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨතම ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළ ග්‍රේ කෝහ්න් ඉල්ලා අස්වී තිබේ.
ට්‍රම්ප්ගේ කණ්ඩායමෙන් ඉවත්ව යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතරට අලුතින්ම එක්ව ඇත්තේ ඔහුය.
නිදහස් වෙළෙඳාම ප්‍රවර්ධනයට වඩාත් උනන්දුවක් දැක්වූවෙකු ලෙස සැලකුණු කෝහ්න්, ට්‍රම්ප් විසින් වානේ සහ ඇලුමීනියම් වෙනුවෙන් අලුතින් පැනවීමට යන බදු සම්බන්ධයෙන් කණස්සල්ලට පත්ව සිටි බව කියැවෙයි.
කෙසේ වෙතත්. ඔහු සිය ඉවත්ව යෑම සමග ඉදිරිපත් කර ඇති නිවේදනය ධවල මන්දිරය විසින් නිකුත් කර තිබුණු අතර, එහි කියවුණේ තමාට රට වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකන බවය.
57 වැනි වියෙහි පසුවන කෝහ්න් ගෝල්ඩ්මෑන් සැෂ්ස් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුව ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකයෙකු ලෙස පත්විය.
කෙසේ වෙතත්, පසුගිය වසර පුරාවට ඇමෙරිකාව තුළ බදු සංශෝධන ගෙන ඒම සඳහා ට්‍රම්ප් විසින් ඔහුට දැඩි බලපෑමක් සිදුකර ඇති බව කියැවෙයි.
ඒ අනුව, මෑත කාලයේදී මේ දෙපොළ අතර සමීප සබඳතාවක් පැවැත්වී නොමැති බව කියැවෙයි.