ෆේස්බුක් සමාජජාලය සෑමවිටම තමාට එරෙහිව සිටින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකර ඇති ප්‍රකාශය එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ෆේස්බුක් යනු කුමන්ත්‍රණකාරී ජාලයක් ලෙස ට්‍රම්ප් විසින් හඳුන්වා තිබුණේ එය සෑමවිටම ට්‍රම්ප් විරෝධයක් මතුකරන බව පවසමිනි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් යන පුවත්පත්වලට එරෙහිවද මෙම චෝදනාවම සිදුකළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේදී රුසියානු අතපෙවීමක් සිදුවීද යන්න පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණය සඳහා ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් සෙනට් මණ්ඩල බුද්ධි මණ්ඩලයක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින අතර, ෆේස්බුක් සහ ගූගල් මෙම සාක්ෂි ලබාදීම සිදුකරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.