ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් පසුගිය ජනවාරි මාසයේදී FBI ආයතනයට වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටී.
ඇමෙරිකානු ජනපතිවරයා සිය ධුරයේ වැඩභාරගැනීමට පෙර ඇමෙරිකාවේ රුසියානු තානාපතිවරයා සමග සිදුකළ සාකච්ඡා සම්බන්ධයෙන් ධවල මන්දිරය නොමග යැවූ බවට මයිකල් ෆ්ලින් වෙත චෝදනා එල්ල වූ අතර, පසුව ඔහුට සිය ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සිදුවිය.
2016 ඇමෙරිකානු ජනපතිවරණය සම්බන්ධයෙන් රුසියානු අතපෙවීමක් සිදුවීද යන්න සොයාබැලෙන පරීක්ෂණයේ කොටසක් ලෙස මෙම චෝදනා විශේෂ විභාගයකට ලක්ව තිබේ.
ඒ අනුව, අද ෆ්ලින් එරට අධිකරණය හමුවට පැමිණ තිබේ.