ජෝර්දානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ඉස්කුරුප්පු නියන් ප්‍රහාරයක්


ජෝර්දානයේ අම්මාන් නුවර ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය පවසන්නේ එම කාර්යාලයේ ගෘහ භාණ්ඩ කිහිපයක් අලුතින් වෙනස් කිරීම සඳහා මෙම පුද්ගලයන් දෙදෙනා තානාපති කාර්යාලයට පැමිණි ඇති බවත්, එසේ පැමිණි එක් අයෙකු එහි ආරක්ෂක නිලධාරියාට ඉස්කුරුප්පු නියනකින් ඇණ ඇති බවයි.

එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමෙන් හා පහරදීමෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරු මෙන්ම, පහරදීම සිදුකළ කම්කරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනාම ජෝර්දාන ජාතිකයන් බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, තුවාල ලැබූ ඊශ්‍රායල් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ.

ජෙරුසිලම් ශුද්ධ වූ නගරය සම්බන්ධයෙන් බල අරගලයක් පවතින අවස්ථාවේදී මෙම පහරදීම සිදුවීම තුළ යම් ප්‍රකෝපකාරී සිද්ධියක් ලෙස මෙය හඳුන්වාදී තිබේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසුව එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම වසා දමා එහි සේවකයන්ද ඉවත්කිරීමට ඊශ්‍රායය කටයුතු කර තිබේ.



Recommended Articles