ජෝර්ජියා හෝටල් ගින්න නිසා පුද්ගලයන් 12ක් නසී


ජෝර්ජියාවේ, බටූමී ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගිනි ගැනීමකින් පුද්ගලයන් 12 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මහල් 22කින් යුතු ලියෝග්‍රෑන්ඩ් හෝටලයේ මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර, මියගිය සියලු දෙනා ගින්නෙන් ඇති වූ දුම ආග්‍රාණය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කළ බවත්, එම පිරිසද ගින්නෙන් ඇති වූ දුමට නිරාවරණය වූ පිරිසක් බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී තිබේ.

ජෝර්ජියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට හෝලටයේ රැඳී සිටි පුද්ගලයන් 100ක් පමණ ආරක්ෂිතව ඉවත්කර ගැනීමට හැකිවී තිබේ.

1_Hotel

 



Recommended Articles