ජෝර්ජ් කුමරාගේ නිල ඡායාරූපයක් නිකුත්වේ


කේම්බ්‍රිජ් ආධිපාදවරයා හා අධිපාදවරිය වන විලියම් කුමරාගේ සහ කේට් කුමරියගේ පුත් කුමරා, ජෝර්ජ් කුමරුගේ නිල ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබේ.

මාස 8ක් වයසැති ජෝර්ජ් කුමරා තම මවගේ අතේ සිටින මෙම ඡායාරූපයේ අසල විලියම් කුමරු සිටින්නේ ඔවුන්ගේ සුරතල් සුනඛයා වූ ලූපෝද අල්ලාගෙනය.

රාජකීය යුවළ රාජකීය පුත් කුමරා සමග කෙන්සිංග්ටන් මාලිගයේ විවෘත ජනේලයකින් පිටත බලා සිටින මෙම ඡායාරූපය රාජකීය ඡායාරූප ශිල්පී ජෝසන් බෙල් විසින් ලබාගන්නා ලද්දකි.

විලියම් හා කේට් රාජකීය යුවල අප්‍රේල් 7 වැනිදා සිය නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, නවසීලන්තයේ සිට අප්‍රේල් 16 වැනිදා ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත.

ඔවුන්ගේ සති තුනක විදෙස් සංචාරය නිමාව දකින්නේ එළැඹෙන අප්‍රේල් 25 වැනිදාය.



Recommended Articles