ජෙරුසෙලම ගැන කියන්න නෙතන්යාහු බ්‍රසල්ස් ගිහින්


ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස ඇමෙරිකාව පිළිගත් ආකාරයෙන්ම යුරෝපා සංගමයද එම තීරණයට එනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊශ්‍රායල් අගමැතිවරයා මේ සම්බන්ධ සාකච්ඡා වෙනුවෙන් බ්‍රසල්ස් නුවරට ගොස් ඇති අතර, ඔහු මේ ආකාරයෙන් රටින් බැහැරව සිටින්නේ වසර 20කට පසුවය.

කෙසේ වෙතත්, යුරෝපා සංගමයේ විදෙස් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඩ්‍රිකා මොග්හෙරීනි පවසන්නෙ සිය සංවිධානයේ මේ සම්බන්ධ අදහසෙහි වෙනසක් නොමැති බවයි.

ඒ අනුව, පලස්තීනය හා ඊශ්‍රායලය සම්බන්ධයෙන් වූ අතිශය සංවේදී කාරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනුලැබූ තීරණය ඇමෙරිකාව හුදකලා වීමක් ලෙසටද ඇතැම් විචාරකයෝ පවසති.

එහිදී, ඊශ්‍රායල් නායකයා යුරෝපා නායකන් සමග තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, ජෙරුසෙලම වසර 3,000ක පමණ යුදෙව් අතීතයකට උරුමකම් කියන නගරයක් බව ඔහු අවධාරණය කරයි.

1_Nethanyahu 2



Recommended Articles