ජෙරුසෙලම ඊශ්‍රායල් අගනුවර කිරීම ගැන ට්‍රම්ප්ට විරෝධයක්


සාම්ප්‍රදායිකවම ඇමෙරිකානු හිතවාදී පාර්ශ්ව රැසක් ජනපති ට්‍රම්ප්ගේ ජෙරුසෙලම ඊශ්‍රායල් අගනුවර ලෙස පිළිගැනීමේ තීරණයට විරෝධය දක්වා තිබේ.

මෙම විරෝධය දැක්වූවන් අතර සෞදි අරාබිය ප්‍රමුඛ වන අතර, බ්‍රිතාන්‍ය, ප්‍රංශය මෙන්ම ඉන්දියාවද මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙය ඓතිහාසික දිනයක් ලෙස අගය කර තිබේ.

පලස්තීන අගමැති මොහොමඩ් අබ්බාස් මෙම තීරණයට බලවත් විරෝධය දක්වා ඇති අතර, එරට බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඇමෙරිකානු විරෝධී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා අරාබි ලීගය මේ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා කිරීමට කැඳවීම් සිදුකර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස මෙය සැලකෙන අතර, ඔහු එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ ටෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට මාරු කරන ලෙසය.

1_Trump



Recommended Articles