ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවරයි - ට්‍රම්ප් කියයි


දශක කිහිපයක ඇමෙරිකානු ප්‍රතිපත්තිය උඩු යටිකරු කරමින් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස තමන් පිළිගන්නා බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය.

මැදපෙරදිග සාම මාවතේ බොහෝ කාලයක් කල් මරමින් පැවති පියවරක් ලෙසද ඔහු මෙම ක්‍රියාව හැඳින්වීය.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වෙමින් පවතින මෙම ඓතිහාසික නගරයේ අයිතිය පිළිබඳ අර්බුදය ගැන ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සෘජුව අදහස් දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.

ඊශ්‍රායලය පවසා සිටියේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම පියවර ඉතිහාසගත වන බවයි. නමුත්, ට්‍රම්ප්ට එරෙහිව ඇතැම් අන්තර්ජාතික ප්‍රජාවන්ගෙන් මෙන්ම, ට්‍රම්ප්ගේ මැතිවරණයට එරෙහිවත් ප්‍රචාරණය ලබාදුන් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි දෝෂදර්ශනයට ලක්වන බව ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දෙපාර්ශ්වය විසින්ම මෙම තීරණයට එකඟත්වයකට පැමිණෙන්නේ නම් ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින දීර්ඝකාලීන අර්බුදය විසඳීම වෙනුවෙන් ඒ දෙරටටම ඇමෙරිකානු සහාය ලැබෙන බවත්, ඊශ්‍රායලයට මායිම්ව නිදහස් පලස්තීන රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනයද යථාර්ථයක් වනු ඇති බවත් ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම පියවර පලස්තීන ජනපති මොහොමඩ් අබ්බාස්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, මෙය නින්දිත යෝජනාවක් බව ඔහු පවසා ඇත්තේ, ඇමෙරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන්නෙකු නොව, සාමය බිඳින්නෙකු ලෙසද පවසමිනි.

මේ අතර, ඇමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් මෙම සතිය තුළ හදිසි රැස්වීමක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 08 දෙනෙකුම සූදානම් වන බවද විදෙස් වාර්තා පවසයි. 

1_Jeruselam

2 3



Recommended Articles