ජෙරුසෙලම අර්බුදයෙන් ලෙබනනයත් ඇවිලෙයි


ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇතිවී තිබෙන ගැටුම් අතර නවතම ගැටුම්කාරී තත්ත්වය ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඇතිවී තිබේ.

බේරුට් අගනුවර උතුරුදිග ප්‍රදේශයේ පැවති තානාපති කාර්යාලය වෙත කළු ධජ ලෙලවමින් පැමිණි විරෝධතාකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, අරාබි ලීගයද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට සිය විරෝධය දක්වා ඇත.

මේ තත්ත්වය තුළ මැදපෙරදිග සාම මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට ඇමෙරිකාවට හැකියාවක් නොමැති බවද ඔවුහු පවසති.

බේරුට් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල විරෝධා දැක්වූ පිරිස් ගල් මුල්වලින් පහරදෙමින්, මංමාවත් තුළ ටයර් පුළුස්සා දමා ඇති බවද සඳහන් වෙයි.

මේ තත්ත්වය තුළ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගමන් කරන මංමාවත් වසා දමමින් හමුදා බැරැක්ක යෙදීමට ලෙබනන් ආරක්ෂක අංශ වෙත සිදුව තිබේ. 

1_Lebonnon 2



Recommended Articles