ජෙරුසෙලම යළිත් උණුසුම් ඊශ්‍රායල් පසුබෑම ඵල රහිතයි


ජෙරුසෙලමේ පැවති උණුසුම්කාරී තත්ත්වය පහව යමින් පලස්තීන වන්දනාකරුවන් යළිත් හරාම් අල් ෂරීෆ් (පලස්තීන්වන්ට අනුව) පුද බිමට පැමිණන බව විදෙස් වාර්තා කළත්, අද (28දා) වනවිට යළිත් එහි තත්ත්වය උණුසුම් වී තිබේ.

ඊශ්‍රායලය විසින් ටෙම්පල් මවුන්ට් යනුවෙන් හඳුන්වන මෙම පුද බිමට ඇතුළු වන ස්ථානයේ ස්ථාපිත කළ ලෝහ හඳුනාගැනීමේ ආරක්ෂිත උපකරණ සම්බන්ධයෙන් පලස්තීනුවෝ උරණව සිටීමෙන් මෙම අර්බුදය හටගෙන තිබුණි.

එම කලාපය තුළදී ඊශ්‍රායල් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමග මෙම උපකරණ සවිකිරීමට ඊශ්‍රායලය කටයුතු කළත් ඒවා ඉවත්කරන ලෙස ඉල්ලා සති දෙකකට අධික කාලයක් වර්ජනයක නිතර වු අතර, එම විරෝධතා සමග ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් - පලස්තීන කලාපය තුළ යුද උණුසුමක් දක්වා වර්ධනය වූ මෙම තත්ත්වය සමතයකට පත්කර ගැනීම සඳහා ඊශ්‍රායලය අඩියක් පසුපසට ගනිමින් එම උපකරණ ගලවා ඉවත්කර ගත්තද මේ වනවිට යළිත් ඊශ්‍රායල් හමුදා සහ පලස්තීනුවන් අතර ගැටුම් උත්සන්න වී තිබේ



Recommended Articles