ජෙරුසලම ඇමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමට සූදානම්


ඊශ්‍රායලය විසින් ප්‍රශංසා කරන හා පලස්තීනය විසින් ගර්හා කරන ඇමෙරිකා එක්සත් ජනපද ජෙරුසලම නව තානාපති කාර්යාලයට විවෘත කිරීමට සූදානම් වේ.

මෙම තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඇමෙරිකානු ජනපති දියණිය ඉවන්කා ට්‍රම්ප් හා ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් සහභාගී වනු ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පලස්තීනයෙන් දැඩි විරෝධතාවක් එල්ල විය හැකි බව විශ්වාස කෙරෙයි.

නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අනාගත අගනගරය බව ඔවුන්ගේ විශ්වාසය වුවත්, ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සමස්ත ජෙරුසලමේ පාලනය ඊශ්‍රායලය වෙත ලබාදීමට ඇමෙරිකාව ගන්නා උත්සාහයක් ලෙසද සැලකෙයි.

විශේෂයෙන්ම ඊශ්‍රායලය පවසන්නේ සමස්ත ජෙරුසලම කිසිදා බෙදා වෙන්කළ නොහැකි තම අගනුවර බවයි.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පසුගිය වසරේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමග ඊට එරෙහිව ලොව පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් මතුවිය. එහිදී ඊශ්‍රායල් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමද ට්‍රම්ප්ගේ තවත් තීරණයක් විය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ප්‍රමුඛත්වය ජෙරුසලමට හිමිවන බැවින් ඇමෙරිකාවේ මෙම යොමුව දෙපාර්ශ්වය අතර සාමයට වඩා දෙපාර්ශ්වයේ විශ්වාසය තවදුරටත් පළුදු කිරීමක් බවද දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.  

1_Jerusalam 2 3 4 5



Recommended Articles