බටහිර ජෙරුසලමේදී ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායල් ජාතිකයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරයට සම්බන්ධ වූවන් නැගෙනහිර ජෙරුසලමෙන් පැමිණි පලස්තීන ජාතිකයන් බව හඳුනාගෙන තිබේ.
ආසන්න කාලයේදී ජෙරුසලම ආශ්‍රිතව දරුණු ප්‍රහාර මාලාවක් වාර්තා වූ අතර, ශුද්ධ වූ නගරය ආශ්‍රිතව අසහනකාරී තත්ත්වයක් උද්ගතව පැවතිණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.