ජෙරුසලමට සාමය පතා යාඥා කරමු - පාප් තුමන්


ජෙරුසලමට සාමය උදාකිරීම සඳහා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාකච්ඡා ආරම්භ කරන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසති.

පාප් තුමන් මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ 'උර්බි එට් ඔර්බි' හෙවත් 'නගරයට සහ ලෝකයට' යන මැයෙන් ශාන්ත පීතර චතුරස්‍රයේදී සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන නත්තල් දින පණිවුඩයෙනි.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා මාර්ගයෙන් පමණක් දෙරටටම සාමකාමී වටපිටාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව පාප් තුමන් පවසති.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී පැවසීමත් සමග ඊශ්‍රායලය හා පලස්තීනය අතර උණුසුම් තත්ත්වයක් ඇති වෙමින් පවතී.

විශේෂයෙන්ම මුස්ලිම් ලෝකය මෙම තත්ත්වය දැඩි ලෙස හෙළා දකින අතර, පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදීද ට්‍රම්ප් විරෝධීන් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

"මේ උත්සව සමයේදී අප දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ජෙරුසලමට සහ ශුද්ධ වූ භූමියට සාමය උදාකර දෙන ලෙසයි."

"ඊට මැදිහත් වී සිටින දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වී අවසන් විසඳුමක් කරා පැමිණීමට හැකිවේවායි කියා අපි යාඥා කරමු. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශසීමාවක් මෙන්ම, දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ලද අනෝන්‍ය එකඟත්වය තුළ සාමකාමී සහජීවනයක් දෙරට අතර ඇති වනු ඇති." යැයි පාප් තුමන් පැවසූහ.

එමෙන්ම, මෙවර පාප් තුමන්ගේ සාම්ප්‍රදායික කතාවෙන් සිරියාවේ සහ ඉරාකයේ ගැටුම්වලින් ඇතිවී තිබෙන සරණාගත අර්බුදයන්හි සිට වෙනිසියුලාව සිට උතුරු කොරියාව දක්වා එකිනෙක කරුණු ඉස්මතු කර තිබුණි.

Pope Francis waves as he leads the "Urbi et Orbi" (to the city and the world) message from the balcony overlooking St. Peter's Square at the Vatican Swiss guards arrive to attend Pope Francis' "Urbi et Orbi" (to the city and the world) message from the balcony overlooking St. Peter's Square at the Vatican Vatican Pope Christmas



Recommended Articles