තුර්කියේ පර්සියානු භාෂාවෙන් ප්‍රචාරය වන ජෙම් රූපවාහිනී ආයතනයේ නිර්මාතෘ හා සභාපතිවරයා ඉස්තාම්බුල් නුවරදී ඝාතනය කර තිබේ.
ඉරාන ජාතික රූපවාහිනී අධිරාජ්‍යයෙකු වූ සයීඩ් කරිමියන් නමැති ඔහු මස්ලක් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති ඇත්තේ, සිය කුවේට් ජාතික ව්‍යාපාර හවුල්කරුවා සමග සිටින අවස්ථාවේදීය.
මෙම ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය පසුව ගිනිගෙන විනාශ කර තිබියදී සොයාගැනීමට මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සමත්ව තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් කිරීමේ චෝදනාව යටතේ මීට පෙර ඔහු ඉරානයේ ටෙහෙරාන් අධිකරණයකින් වසර හයක සිර දඬුවමකටද යටත් වූවෙකි.